පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අදාළව මාර්ග විටින් විට තාවකාලිකව වසා තැබීම අද (09) දහවල් සිට ක්‍රියාත්මක වනවා. ලබන 18 වැනිදා දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව, සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන් සහ නියෝජිතයින් කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ බලා පැමිණීමේදී කටුනායක අධිවේගී මාර්ගයෙන්, බේස්ලයින් පාර, බොරැල්ල, තුම්මුල්ල හරහා ගාලූ පාරට ප්‍රවේශ වීමට නියමිතයි. අද (09) සිට ලබන 15 වැනිදා දක්වා රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් දිවයිනට පැමිණීමේදී මෙන්ම දිවයිනෙන් පිටව යන 16, 17, 18 යන දිනවලදීද විටින් විට මෙම මාර්ග වසා තැබෙනු ඇති. පොලිසිය සඳහන් කළේ කටුනායක සිට නියෝජිතයින් කොළඹට පැමිණෙන මාර්ගවල මෙන්ම කොම්පඤ්ඤවීදියේ සිට සෙරමික් හන්දිය දක්වා වූ මාර්ගය, නෙළුම් පොකුණ රඟහල අවට මාර්ග, ගාලූ මුවදොර සිට කොල්ලූපිටිය දක්වා වූ මාර්ගය ඇතුළු මාර්ග රැසක වාහන ගමනාගමනය ඒ අනුව අදාළ අවස්ථාවන්වලදී සීමා කෙරෙන බවයි.
ලබන 15 වැනිදා රාජ්‍ය නායක සමුළුව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, එදින ද අවස්ථාවන් කිහිපයකදී ඒ අවට මාර්ග වසා දමනු ඇති. තවද, ලබන 16 වැනිදා ගාලූපාරේ සිට බොරැල්ල - ඞී.එස්.සේනානායක මාවත, රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට බත්තරමුල්ල දක්වා දිවෙන මාර්ගය විටින් විට වසා දැමීමට නියමිතයි.
එමෙන්ම, මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලසීමාව තුළ විටින් විට කොළඹ මාර්ග වසා දැමෙන බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තවද, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් පොලිස් රථවාහන නිලධාරින් 5000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ප්‍රකාශිත විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ සියලූ තොරතුරු අඅඅගයසරමබැඅිගකන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සාමාන්‍ය ගුවන් ගමන් කටයුතුවල ප්‍රමාදයන් ඇතිවිය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා. එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි කියා සිටියේ රාජ්‍ය නායකයින් පැමිණෙන ගුවන් යානා සඳහා ප්රමුඛත්වයක් ලබාදීමට සිදුවීම මීට හේතුව බවයි.
එමෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිත මණ්ඩලවලට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා විශේෂ කාර්යමණ්ඩල බලඇණියක් යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද සඳහන් කළා. නිලධාරින් 600 ක් සහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඇඳන් 7 ක් පැය 24 පුරා සූදානම් කර ඇති අතර, වෙනම වාට්ටුවක් ද සූදානම් කර තිබෙනවා. මීට අමතරව, ගිලන් රථ සේවාවන් ලබාදීම සඳහා නවීන ගිලන් රථ 70 ක් ද, පැය 24 පුරා සේවයේ යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළා.
Saturday, 09 November 2013 - 7:45 PM
---------------------------------------------------------------------------------------------
පොදු රද මඩුළු කොළඹ රථවාහන සැලැස්ම.
Tuesday, 05 November 2013 - 15:47
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අදාළව රාජ්‍ය නායකයින් ගමන් කරන අවස්ථාවලදී පමණක් කොළඹ නගරයේ ඇතැම් මාර්ග විටින් විට වසා තබන බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මෙම අදහස් පළ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. නොවැම්බර් 09 වැනිදා සිට 18 වැනිදා දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.
සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන් කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙන්, බේස්ලයින් පාර, බොරැල්ල, තුම්මුල්ල හරහා ගාලූ පාරට ප්රවේශවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 09 වැනිදා සිට 15 වැනිදා දක්වා ඔවුන් දිවයිනට පැමිණීමේදී මෙන්ම දිවයිනෙන් පිටව යන 16, 17, 18 යන දිනවලදීද විටින් විට මාර්ග වසා තැබෙනු ඇති. පොලිසිය සඳහන් කළේ කටුනායක සිට රාජ්‍ය නායකයන් කොළඹට පැමිණෙන මාර්ගවල මෙන්ම කොම්පඤ්ඤවීදියේ සිට සෙරමික් හන්දිය දක්වා වූ මාර්ගය, නෙළුම් පොකුණ රඟහල අවට මාර්ග, ගාලූ මුවදොර සිට කොල්ලූපිටිය දක්වා වූ මාර්ගය ඇතුළු මාර්ග රැසක වාහන ගමනාගමනය ඒ අනුව අදාළ අවස්ථාවන්වලදී සීමා කෙරෙන බවයි.
රථවාහන ගමනාගමනය සීමා කරන මාර්ග පිළිබඳ සහ විකල්ප මාර්ග පිළිබඳව සියලූ තොරතුරු පහත දැක්වේ.
[JPG]70764_1[/JPG]
[JPG]70764_2[/JPG]
[JPG]70764_3[/JPG]
[JPG]70764_4[/JPG]
[JPG]70764_5[/JPG]
[JPG]70764_6[/JPG]
[JPG]70764_7[/JPG]
[JPG]70764_8[/JPG]
[JPG]70764_9[/JPG]
[JPG]70764_10[/JPG]
[JPG]70764_11[/JPG]
[JPG]70764_12[/JPG]

Latest News
ක්‍රොඒෂියාව පරදා පෘතුගාලයට ජය
Local
03 July 2026
හෙට කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
Local
03 July 2026
ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 22,000ක්: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම්
Local
03 July 2026
ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤයට ජය
Local
03 July 2026
විදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට
Local
02 July 2026
එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල මුදුනේ විවාහ යෝජනාවක් කළ යුවළක් අත්අඩංගුවට
Local
02 July 2026
සිරියාවේ බෝම්බ පිපිරීමකින් 5ක් මරුට: 16ක් තුවාල ලබයි
Local
02 July 2026
හිරු ශාසනාවතරණයෙන් බිහිවී සඟ සසුන බබළවන හිමිනමට සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 8ක්
Local
02 July 2026
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
Local
02 July 2026
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026