General16 November 2013

වීඩීයෝ :ජාතීන් අතර ඒකාබද්ධතාවයට ක්‍රීඩාව උපකාරී වුණා. ජනපති. CHOGM 2013

යුද්ධය නිමාවීමෙන් අනතුරුව මෙරට පුනර්ජීවනය සඳහා ක්‍රීඩාවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් ද සහභාගි වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ හමුවක් කොළඹදී අද අමතමින්.
මෙම හමුවට මුත්තයියා මුරලිදරන්, සුසන්තිකා ජයසිංහ ඇතුළු ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ද සහභාගි වී සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම, ලබන වසරේ ස්කොට්ලන්තයේ - ග්ලැස්ගොව් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කිී‍්‍රඩා තරගවලට සහභාගිවීමට නියමිත මළල ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි වුණා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මෙරට ක්‍රීඩාව නංවාලීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි.





[JPG]71515_1[/JPG]
[JPG]71515_2[/JPG]
[JPG]71515_3[/JPG]
[JPG]71515_4[/JPG]
[JPG]71515_5[/JPG]
[JPG]71515_6[/JPG]
[JPG]71515_7[/JPG]
[JPG]71515_8[/JPG]
[JPG]71515_9[/JPG]
[JPG]71515_10[/JPG]
[JPG]71515_11[/JPG]
[JPG]71515_12[/JPG]
[JPG]71515_13[/JPG]
[JPG]71515_14[/JPG]
[JPG]71515_15[/JPG]
[JPG]71515_16[/JPG]
[JPG]71515_17[/JPG]
[JPG]71515_18[/JPG]
[JPG]71515_19[/JPG]
[JPG]71515_20[/JPG]
[JPG]71515_21[/JPG]
[JPG]71515_22[/JPG]
[JPG]71515_23[/JPG]
[JPG]71515_24[/JPG]
[JPG]71515_25[/JPG]
[JPG]71515_26[/JPG]
[JPG]71515_27[/JPG]

Related recommendation
Hiru TV News | Programmes