ශ්‍රී ලංකානු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ වියදම් කිරීමේ රටාව අගෝස්තු මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.
එය ව්‍යාප්ත වන ආර්ථිකය මධ්‍යයේ පාරිභෝගික විශ්වාසය වැඩිවීම සහ ගෘහ ආදායම් වැඩිදියුණු වීම පිළිබිඹු කරන බවයි වාර්තා වෙන්නේ.
මෙම මාසය තුළදී ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය රුපියල් බිලියන 2.89 කින් ඉහළ ගොස් ඇති අතර, එය පෙර මාසයේ (ජූලි) වාර්තා වූ රුපියල් මිලියන 373 හා සසඳන විට තියුණු වැඩිවීමක්.
සමස්ත පුද්ගලික අංශයේ ණය වර්ධනය අඛණ්ඩව වේගවත් වීමත් සමඟ මෙම වැඩිවීම සිදුවී ඇති අතර ජූනි මාසයේදී බලපත්‍රලත් වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට ලබා දුන් සමස්ත හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 221.6 කින් ඉහළ ගොස් තිබෙනවා.
එයට පසු ජූලි සහ අගෝස්තු යන අඛණ්ඩ මාස දෙකේදීම රුපියල් බිලියන 200 ඉක්මවන නව ණය ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අගෝස්තු මාසයේදී ක්‍රෙඩිට් කාඩ් ණය වේගයෙන් ඉහළ යෑමත් සමඟ, මාසය අවසන් වන විට සමස්ත හිඟ ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය රුපියල් බිලියන 6.21 කින් පුළුල් වී රුපියල් බිලියන 164.17 ක් දක්වා වැඩි වී තිබෙනවා.
ක්‍රෙඩිට් කාඩ් සඳහා වන පොලී අනුපාතය වසරකට 26% ක් පමණ වන, අනෙකුත් ණය අනුපාතවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතියද, මෙම ක්‍රෙඩිට් කාඩ් වියදම් ඉහළ යාම සිදුවීම විශේෂත්වයක්.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මෙන්ම විනෝදාස්වාදය, ආහාර ගැනීම සහ විවේක කටයුතු වැනි සුඛෝපභෝගී අංශ සඳහා පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් වියදම් කිරීම මෙම ක්‍රෙඩිට් කාඩ් ණය ඉහළ යෑමට හේතුවී ඇති බවයි විශ්ලේෂකයෝ පවසන්නේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ භාවිතයේ ඇති කාඩ්පත් සංඛ්‍යාව සීමිත බැවින්, ක්‍රෙඩිට් කාඩ් වියදම් ඉහළ යාමෙන් පාරිභෝගික හැසිරීම පිළිබඳ පුළුල් චිත්‍රය සම්පූර්ණයෙන් ග්‍රහණය කරගත නොහැකි බව සඳහන් කළත්, මෑත මාසවලදී එහි ස්ථාවර වර්ධනයක් දක්නට ලැබෙනවා.
අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් 2,102,537 ක් තිබූ අතර, එය ජූලි මාසයේ පැවති 2,088,069 ට වඩා 14,468 ක නව කාඩ්පත් නිකුතුවක් පිළිබිඹු කරන අතර වසරේ පළමු මාස අට තුළ බලපත්‍රලත් වාණිජ බැංකු විසින් නව ක්‍රෙඩිට් කාඩ්පත් 94,081ක් නිකුත් කර තිබෙනවා.

Latest News
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි: දරුවන් 14ක් ජීවිතක්ෂයට
Local
01 July 2026
අයිවරි කෝස්ට් පරදා නෝර්වේ ජය ගනී
Local
01 July 2026
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026