දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ වාර්ෂික සමුළුව ‘Ovation 2026’ මැයි මස 16 සහ 17 දෙදින පුරා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. “පරිවර්තන ප්රවණතා” (Tides of Transformation) යන තේමාව යටතේ සංවිධානය කෙරෙන මෙවර සමුළුවට ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන්නේ Home Lands සමාගමයි.
වර්ෂ 1924දී ආරම්භ වූ ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහය පුද්ගල සන්නිවේදන, පොදු කථන සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීම ඉලක්ක කරයි. ශ්‍රී ලංකාව 1983 වර්ෂයේදී මෙම ගෝලීය ව්‍යාපාරයට එක්වූයේ දකුණු ආසියාවේ පළමු ටෝස්ට්මාස්ටර් සමාජය වන කොළඹ ටෝස්ට්මාස්ටර් සමාජය ආරම්භ වීමත් සමඟය.
අද වන විට දිස්ත්‍රික් 82 තුළ සමාජ 168කට අධික සංඛ්‍යාවක් සහ රට පුරා නගර 65ක් පුරා පැතිරුණු සාමාජිකයින් 4,000කට අධික සංඛ්‍යාවක් සිටිති. එහි ක්‍රියාකාරීත්වය ආයතනික, අධ්‍යාපනික සහ ප්‍රජා සමාජ හරහා විහිදෙයි.
“ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව හුදෙක් සහභාගී වන රටක් පමණක් නොවෙයි. එය ඉතා සක්‍රීය සහ බලවත් දායකයෙක්. මෙය සරල විනෝදාත්මක ක්‍රියාකාරකමක් නොව, පුද්ගල අභිවෘද්ධිය, නායකත්ව පුහුණුව සහ ගෝලීය වේදිකාවේ ජාතික නියෝජනයක් සලසන වැදගත් වේදිකාවක්,” යනුවෙන් දිස්ත්‍රික් අධ්යක්ෂ DTM නිරෝෂන් නඩරාජා මහතා පැවසීය.
2024/25 වර්ෂය සඳහා ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සංවිධානය තුළ අංක එකේ දිස්ත්‍රික්කය ලෙස ද දිස්ත්‍රික් 82 නම් කෙරිණි.
“ටෝස්ට්මාස්ටර් ව්‍යාපාරය සරල නමුත් බලවත් දර්ශනයක් මත පදනම් වෙයි. පුද්ගල වර්ධනය සිදුවන්නේ නිරන්තර පුහුණුව, ආවර්ජනය සහ ප්‍රජා සහයෝගයෙන්ය. අසාර්ථකත්වය ඉගෙනුම් අවස්ථාවක් කරගැනීමට අවකාශය මෙහිදී සලසයි,” යනුවෙන් ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තරයේ හිටපු කලාපීය උපදේශක DTM සුදාශ් ලියනගේ මහතා පැවසීය.
“Ovation” සමුළුව පිළිබඳ අදහස් දැක්වූ ප්‍රධාන සංවිධායක DTM මාරියෝ ද සිල්වා මහතා, “මෙය ටෝස්ට්මාස්ටර් වර්ෂයක උච්චතම අවස්ථාවයි. දිස්ත්‍රික්කයේ හොඳම කථිකයින් තරගවදින, නායකයින් ඇගයීමට ලක්වන සහ වාර්ෂික ගමන්මඟ ප්‍රදර්ශනය වන සුවිශේෂී වේදිකාවක්,” යනුවෙන් සඳහන් කළේය.
මෙම සමුළුවේ ප්රමුඛ අනුග්‍රාහකයා ලෙස Janatha Steels සමාගම ද, ප්ලැටිනම් අනුග්රාහකයන් ලෙස A J Medichem Inteational පුද්ගලික සමාගම සහ New Anthoney’s Farms ද, ගෝල්ඩ් අනුග්රාහකයන් ලෙස Jayes Investment, Nestlé Coffeemate සහ Zoro Tapes ද, සිල්වර් අනුග්‍රාහකයා ලෙස Maliban Biscuit Manufactories පුද්ගලික සමාගම ද කටයුතු කරයි.
Latest News
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: සිරකරුවන් සිරමැදිරිවලට සීමා කරයි
මහර බන්ධනාගාරය සහ අවට ආරක්ෂාව තහවුරුයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ඉරානයට එල්ල කිරීමට ගිය දැවැන්ත ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්
ප්‍රකට 'The Sopranos' නාට්‍ය මාලාවේ රංගන ශිල්පී වින්සන්ට් පැස්ටෝර් අභාවප්‍රාප්ත වෙයි
රාගම ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පේරූ රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි: 13ක් ජීවිතක්ෂයට
පළාත් කිහිපයකට තද වැසි සහ සුළං
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි