Business05 June 2026

Kanro Interiors සමාගම Platinum Excellence සම්මානය දිනයි

ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර නිර්මාණ හා ඉදි කිරීම් ක්ෂේත්‍රයට ලබාදුන් සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස Kanro Interiors සමාගමට Platinum Excellence සම්මානය පිරිනමා ඇත.

මෙම සම්මානය මගින් සමාගමේ උසස් තත්ත්වයේ කාර්ය නිමාව, නවෝත්පාදනශීලී නිර්මාණ සංකල්ප, නියමිත කාල සීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමේ හැකියාව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය ඇගැයීමට ලක් කර තිබේ.

වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ජනක රොද්‍රිගෝ මහතාගේ නායකත්වයෙන් 2011දී ආරම්භ කළ Kanro Interiors සමාගම, ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂ ස්ථානයක් දිනාගත් ආයතනයක් ලෙස වර්ධනය වී ඇත.

කාර්යාල අභ්‍යන්තර ඉදි කිරීම්, කාර්යාලීය ගෘහ භාණ්ඩ ස්ථාපනය, පාර්ටිෂන් සැකසීම, සිවිලිම් සැකසීම, බිම් ආවරණ, බ්ලයින්ඩ්ස් සහ සම්පූර්ණ Tukey ව්‍යාපෘති ඇතුළු පුළුල් පරාසයක සේවා සැපයීමට සමාගම කටයුතු කරයි.

වසර ගණනාවක් පුරා Kanro Interiors සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක අභ්‍යන්තර සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව නිම කර ඇත. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), Cipla Pharmaceuticals, Wurth Lanka, Sri Lanka Youth Corps, CIC සමූහය සහ Volume Lanka ඒ අතර වේ.

එමෙන්ම Nestlé Lanka, Browns, Agstar, Keells, ADIC Sri Lanka, Majestic Pride Casino, Hemas Logistics, AMW, Assetline Leasing සහ Sri Lanka Mobitel ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් සමඟද සමාගම සමීපව කටයුතු කර ඇත.

Kanro Interiors කළමනාකාරිත්වය සඳහන් කළේ Platinum Excellence සම්මානය තම කාර්ය මණ්ඩලයේ කැපවීම, වෘත්තීයභාවය සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන උසස් තත්ත්වයේ අභ්‍යන්තර පරිසරයන් නිර්මාණය කිරීමට ගෙන යන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි.

Related recommendation
Hiru TV News | Programmes