Business06 July 2026

Global Synergy සම්මාන උළෙලේදී Beliatta Exim Holdings ට විශිෂ්ටතම නැගී එන අපනයනකරු සම්මානය

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන සමාගමක් වන Beliatta Exim Holdings (Pvt) Ltd, Global Synergy Awards 2026 සම්මාන උළෙලේදී Best Emerging Exporter සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මානය සමාගමේ අඛණ්ඩ වර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අත්කරගත් සාර්ථකත්වය සහ උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකේය ආහාර නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා දක්වා ඇති කැපවීම ඇගයීම සඳහා පිරිනමන ලද්දකි.

2017දී ආරම්භ කරන ලද Beliatta Exim Holdings වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ආහාර නිෂ්පාදන හා අපනයන සමාගමක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

සමාගම කුළුබඩු, අච්චාරු, චට්නි, සම්බෝල, සෝයා මීට් නිෂ්පාදන, බෝතල් කළ ව්‍යංජන, ජෑම් වර්ග, රසකැවිලි, කරවල, පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම වියළි හා ශීත කළ ආහාර රැසක් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට සපයයි.

අපනයන ව්‍යාපාරයට අමතරව දේශීය වෙළෙඳපොළ තුළද සිය පැවැත්ම ශක්තිමත් කරමින් සමාගම රත්මලාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ආරම්භ කර ඇති අතර, එමඟින් දේශීය පාරිභෝගිකයන්ට සිය නිෂ්පාදන මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල දැඩි තත්ත්ව පාලන ක්‍රමවේද යටතේ සිය නිෂ්පාදන සිදු කරන Beliatta Exim Holdings, විදේශීය වෙළෙඳපොළ තුළ විශ්වාසනීය නාමයක් ගොඩනඟාගෙන තිබේ. විශේෂයෙන් ජපානයේ ජාත්‍යන්තර ශාඛාවක් පවත්වාගෙන යමින් එරට වෙළෙඳපොළ තුළද සාර්ථකව මෙහෙයුම් සිදු කරයි.

මෙම ජයග්‍රහණය, 2025දී BWIO Awards සම්මාන උළෙලේදී Best Emerging Food Manufacturer of the Year සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව සමාගමට හිමි වූ තවත් සුවිශේෂී ඇගයීමකි. එම අවස්ථාවේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රසික පේදුරආරච්චි මහතාද ව්‍යාපාරික නායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක් විය.

 

Related recommendation
Hiru TV News | Programmes