ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට, මෙහෙයුම් විශිෂ්ටත්වයට, නවෝත්පාදනයට සහ ආයතනික නායකත්වයට කළ සුවිශේෂී දායකත්වය අගයමින් ආචාර්ය කේ. ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Business World Inteational Organization (BWIO) විසින් සංවිධානය කළ BWIO Awards 2026 සම්මාන උළෙලේදී Women Icon of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවාය.
ගල්කිස්ස හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනමනු ලැබුවේ විවිධ ක්ෂේත්රයන්හි නායකත්වය, නවෝත්පාදනය සහ වෘත්තීය විශිෂ්ටත්වය පෙන්නුම් කළ පුද්ගලයන් ඇගයීම සඳහාය.
වසර 25කට අධික ඇඟලුම් කර්මාන්ත අත්දැකීම් සහිත ආචාර්ය අබේගුණවර්ධන වෙළෙඳ භාණ්ඩ කළමනාකරණය, මූලාශ්‍ර කළමනාකරණය, මෙහෙයුම්, සැපයුම් දාම කළමනාකරණය, Lean Enterprise, ක්‍රියාවලි විශිෂ්ටත්වය, Customer Interface සහ ව්‍යාපාර පරිවර්තනය යන ක්ෂේත්රවල කැපී පෙනෙන දායකත්වයක් ලබා ඇත.
වර්තමානයේදී ඇය ප්රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක Consultant – Process Excellence, Customer Interface ලෙස කටයුතු කරමින් පාරිභෝගික කේන්ද්‍රීය ක්‍රියාවලි වැඩිදියුණු කිරීම්, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ව්‍යාපාර පරිවර්තන වැඩසටහන් සඳහා දායක වේ.
ඇය AIA Sri Lanka හි District Wealth Planner ලෙස කටයුතු කළ කාලයේදී MDRT (Million Dollar Round Table) ජාත්‍යන්තර පිළිගැනීමද හිමි කර ගත්තාය. එමෙන්ම Blues of Nature හි සම-නිර්මාතෘවරියක ලෙස තිරසාර ව්‍යාපාර සංවර්ධනය සඳහා දායක වෙමින් සිටී.
ඇය මෑතකදී Diploma in Childcare and Psychology පාඨමාලාව විශිෂ්ට සාමාර්ථ සහිතව සම්පූර්ණ කළ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ Abraham Lincoln University වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් (DBA (HC)) ලබා ඇත.
ඇය Edith Cowan University, Australia වෙතින් MBA (Inteational) උපාධියක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක්, Chartered Institute of Marketing (UK) වෙතින් අලෙවිකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ Sri Lanka Institute of Apparel and Textile Technology (SLITA) වෙතින් ඩිප්ලෝමාවක් ලබා ඇත.
Chartered Marketer තත්ත්වයද හිමි ආචාර්ය අබේගුණවර්ධන Lean Enterprise, Supply Chain Management සහ Quality Improvement සම්බන්ධ වෘත්තීය සහතික රැසක් ලබා ඇත.
ඇයගේ වෘත්තීය ජීවිතයේදී MAS Game Changer Innovation Award, Kaizen Awards කිහිපයක්, National Gold Awards for Quality and Productivity සහ MDRT ජාත්‍යන්තර පිළිගැනීම ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.
Latest News
දවස් 12ට ඩෙංගු රෝගීන් 13,000 පනී
ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල රිය අනතුරු 5ක්: පස් දෙනෙක් ජීවිතක්ෂයට
රිවොල්වරයකට සමාන ගිනි අවියක් සමඟ තරුණයෙක් දැලේ
රුපියලට පුංචි අස්වැසිල්ලක්
ආචාර්ය බුද්ධිමා අබේගුණවර්ධනට BWIO Women Icon of the Year සම්මානය
වනජීවි නිලධාරීහු අසනීප නිවාඩු වාර්තා කරති
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය හේතුවෙන් ඉන්දියාවේ අද ජාතික ශෝක දිනයක්
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර