Business23 July 2026

TECNO වෙතින් AI 60X Super Zoom සහ Underwater Photography පහසුකම් සහිත CAMON 50 Pro ශ්‍රී ලංකාවට

 

TECNO සමාගම විසින් AI 60X Super Zoom, SuperZoom FlashSnap, 50MP Sony Ultra Night කැමරාව සහ Underwater Photography පහසුකම් ඇතුළත් නව CAMON 50 Pro ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී තිබේ.

තරුණ පරපුර සහ ඡායාරූපකරණයට උනන්දුවක් දක්වන පරිශීලකයන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති CAMON 50 Pro, වේගයෙන් චලනය වන දර්ශන පවා පැහැදිලිව ග්‍රහණය කරගත හැකි SuperZoom FlashSnap තාක්ෂණයෙන් සමන්විතය. AI Auto Zoom සහ Best Moment 2.0 පහසුකම් මගින් චලනය වන පුද්ගලයන් හා සුරතල් සතුන් ස්වයංක්‍රීයව හඳුනාගෙන හොඳම ඡායාරූප රාමුව තෝරා ගැනීමේ හැකියාවද මෙයට ඇතුළත්ය.

මෙහි AI 60X Super Zoom තාක්ෂණය මගින් ඈත දර්ශන ඉතා පැහැදිලිව ග්‍රහණය කළ හැකි අතර, Aqua Mode සහ Underwater Photography පහසුකම් නිසා ජලය යටද ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමට හැකියාව ඇත. IP68/IP69K ජල හා දූවිලි ප්‍රතිරෝධී ශ්‍රේණිගත කිරීමක්ද දුරකථනය සතුවේ.

TECNO ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී මුහම්මද් ෂාසෙබ් අතර් මහතා පැවසුවේ CAMON 50 Pro යනු ශ්‍රී ලංකාවේ නව පරපුර වෙනුවෙන් උසස් කැමරා තාක්ෂණය, AI සහ ප්‍රිමියම් නිමාව එකට ගෙන එන නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් බවයි.

CAMON 50 Pro හි 50MP Sony LYT-700C Ultra Night ප්‍රධාන කැමරාව, 50MP Telephoto කැමරාව සහ 8MP Ultra-wide කැමරාව ඇතුළත් අතර, Optical Image Stabilisation (OIS) තාක්ෂණය හේතුවෙන් අඩු ආලෝක තත්ත්වයන් යටතේද පැහැදිලි ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමට හැකියාව ලැබේ.

CAMON 50 Pro හි Aqua Mode පහසුකම මගින් අභියෝගාත්මක පරිසර තත්ත්වයන් යටතේ වුවද උසස් තත්ත්වයේ ඡායාරූප සහ වීඩියෝ ලබාගත හැකිය. එහි කැපී පෙනෙන විශේෂාංගයක් වන Underwater Photography පහසුකම මගින් ජලය යටද ඡායාරූප ගැනීමේ හැකියාව ලබා දේ. IP68/IP69K ජල හා දූවිලි ප්‍රතිරෝධී ශ්‍රේණිගත කිරීමකින් සමන්විත මෙම දුරකථනය, විවිධ පරිසරයන්හි විශ්වාසනීය ක්‍රියාකාරීත්වයක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇත.

අඟල් 6.78ක Curved AMOLED තිරය, 1.5K Resolution, 144Hz Refresh Rate, MediaTek Helio G200 Ultimate ප්‍රොසෙසරය, 16GB දක්වා Extended RAM, 256GB Storage, 6500mAh බැටරිය සහ 45W Fast Charging පහසුකම්ද මෙම දුරකථනයේ ඇතුළත්ය.

Moonshadow Black, Nebula Titanium සහ Malachite Green වර්ණයන්ගෙන් ලබාගත හැකි TECNO CAMON 50 Pro දිවයින පුරා TECNO අනුමත අලෙවි නියෝජිතයන් සහ ප්‍රමුඛ ජංගම දුරකථන අලෙවිසල් හරහා ලබාගත හැකිය.

 
 
 
 
Related recommendation
Hiru TV News | Programmes