මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ලෝක තෙල් වෙළෙඳපොළේ මිල ගණන් දැඩි ලෙස උච්ඡාවචනය වෙමින් පවතින පසුබිමක, ඉන් ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීමට ගත යුතු නව පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හදිසි හමුවක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශකර ඇත්තේ ගෝලීය තෙල් වෙළෙඳපොළේ පවතින තත්ත්වය ශ්‍රී ලංකාවට දැඩි අවදානමක් ගෙන දෙන බවත්, පවතින අයහපත් ප්‍රවණතාවය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බවයි.
සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය බරපතල අභියෝගයක් බව ඔහු පවසා තිබෙනවා.
මේ මස මුලදී පැවැති මිල ගණන් වලට සාපේක්ෂව ඩීසල් මිල සියයට 45 කින් සහ පෙට්‍රල් මිල සියයට 30 කින් ඉහළ ගොස් ඇත. එතැන් සිට බොරතෙල් මිල ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
"අපි ජනාධිපතිතුමාගෙන් හමුවක් ඉල්ලා තියෙනවා, ඉදිරියේදී ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්න. ඉන්ධන පරිභෝජනය අඩු කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි," යනුවෙනුයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා සිටියේ.
දේශීය වෙළෙඳපොළේ අනෙකුත් සිල්ලර ඉන්ධන බෙදාහරින්නන් ද වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමේ දුෂ්කරතා පවතින බව ප්‍රකාශ කර ඇති බවත් සභාපතිවරයා එහිදී පවසා තිබෙනවා.
ඉරානය සහ යුක්රේනය සම්බන්ධ ගැටුම් හේතුවෙන් සැපයුම් අඩාල වීම නිසා මැදපෙරදිග, යුරෝපය සහ අප්‍රිකාව යන කලාපවල බොරතෙල් මිල මේ සතියේ මාස දෙකකට පසු ඉහළම අගය වාර්තා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළ අතර ඇතැම් බොරතෙල් වර්ගවල මිල බැරලයක් ඇමරිකානු ඩොලර් 110 කට ආසන්න අගයක් ගනු ලැබුවා.
එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ නියඟය නිසා ජල විදුලි උත්පාදන ධාරිතාව අඩුවී ඇති අතර, එය විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ නංවා තිබෙනවා. මෙය අපට ඇති තවත් බරපතල අභියෝගයක්. ප්‍රමාණවත් තරම් ජල විදුලි උත්පාදනයක් නොමැති නිසා විදුලිය නිපදවීම සඳහා අපගේ තොගවලින් දිනෙන් දින වැඩිවන ඉන්ධන ප්‍රමාණයක් මුදා හැරීමට අපට සිදුවී තිබෙනවා," යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වා තිබෙනවා.

Latest News
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රාජ්‍ය ප්‍රතිඥාවක්
Local
27 July 2026
වඳින්න ගිය දේවාලෙදී මී අත්තක් කඩා වැටී කතක් මරුට
Local
27 July 2026
සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවයි
Local
27 July 2026
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය (stf.lk) එළිදැක්වෙයි
Local
27 July 2026