Business05 August 2026

ලෝක බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අද (05) අමෙරිකානු ඩොලර් 80 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.20ක් දක්වා පහළ ගොස් ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.40ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ එකඟතාවකට පැමිණිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයයි.
Related recommendation
Hiru TV News | Programmes