ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026 අගෝස්තු 7 සහ 8 යන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 7.00 දක්වා යාපනය Cargills Square හිදී ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායහන් මහතා සහභාගී වීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා, බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ජාතික ගෙවීම් ජාලයේ මෙහෙයුම්කරු වන LankaPay (පුද්ගලික) සමාගම නියෝජනය කරන නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
‘ඩිජිටල් ගෙවීම් තුළින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට පෙර හම්බන්තොට, නුවරඑළිය, දඹුල්ල, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මෙවැනි වැඩසටහන් සාර්ථකව පවත්වා ඇති අතර, ඒවා මඟින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීමටත්, ව්‍යාපාරිකයන්ට හා මහජනතාවට එහි පහසුව සහ ප්රතිලාභ සෘජුව අත්විඳීමටත් අවස්ථාව සැලසී ඇත.
මෙම වැඩසටහනේදී බැංකු, මූල්‍ය සමාගම් සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු මූල්‍ය ආයතන විසින් මහජනතාවට විවිධ ඩිජිටල් ගෙවීම් සේවාවන් සඳහා ලියාපදිංචි වීම සහ ඒවා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා පුද්ගලික මාර්ගෝපදේශනය සහ සහාය ලබාදෙනු ඇත.
එමෙන්ම, මූල්‍ය ආයතන සහ LankaPay එක්ව යාපනය නගරයේ ව්‍යාපාරික ආයතන වෙත LANKAQR ගෙවීම් අත්පත් කරගැනීමේ පහසුකම ලබාදීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ඇත.
යාපනය ප්‍රදේශයේ මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ තම දැනුම වැඩිදියුණු කර ගැනීමටත්, මූල්‍ය ආයතන විසින් ලබාදෙන පුද්ගලික මාර්ගෝපදේශනය සහ සහාය ඇතිව ඩිජිටල් ගෙවීම්වල පහසුව සහ ප්රතිලාභ අත්විඳීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව ආරාධනා කරයි.
Latest News
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි
උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා - කොටුව මහේස්ත්‍රාත්
LPL ඉතිහාසයේ නව වාර්තාවක්: ගාල්ලට එරෙහිව යාපනයෙන් දැවැන්ත ලකුණු 242ක්
ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ඉහළට
හෙට ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
තමන්ට එරෙහි අසත්‍ය චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නීතිඥ රජීව් අමරසූරිය පවසයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
බලපත්‍ර රහිත නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් !