Business13 August 2026

ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව ඉහළට

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජුනි මාසයේ නිල දරිද්‍රතාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමක්.

එමෙන්ම ජුනි මාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 18,973ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය දැක්වුණේ රුපියල් 18,876ක් ලෙසයි.

දරිද්‍රතා රේඛාවේ අවම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි අගය රුපියල් 16,821ක් ලෙස දැක්වුණා.
Related recommendation
Hiru TV News | Programmes