Business02 September 2026

බොරතෙල් මිල තවත් ඉහළට

අමෙරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

අද (02) වන විට 'බ්‍රෙන්ට්' (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය සෙනසුරාදා (29) එම අගය පැවතියේ ඩොලර් 88.10ක් ලෙසයි.

එමෙන්ම, 'ඩබ්ලිව්.ටී.අයි.' (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද පසුගිය සෙනසුරාදා පැවති ඩොලර් 83.40 සිට අද වන විට ඩොලර් 91 සීමාව පසුකර ඉහළ ගොස් තිබෙනවා.

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හමුදාමය තත්ත්වය උග්‍ර වීමත් සමග ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes