හොලිවුඩයේ අමරණීය සිනමා තරුවක වන මැරිලින් මොන්රෝගේ අතිශය පෞද්ගලික භාණ්ඩ එකතුවක් ඇයගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන ජූනි මස 01 වැනිදා වෙන්දේසි කිරීමට කටයුතු යොදා තිබෙනවා.
Heritage Auctions ආයතනය මගින් සංවිධානය කරන මෙම වෙන්දේසිය හරහා මොන්රෝගේ ජීවිතයේ මෙතෙක් ලොවට රහසක්ව පැවති පැති කිහිපයක් අනාවරණය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මොන්රෝගේ සමීපතම මිතුරන් වූ නෝමන් සහ හෙඩා රොස්ටන් සතු වූ මෙම එකතුවට ඇය ඇඳි ඇඳුම් පැළඳුම්, ආභරණ, ලිපි, ඇය විසින්ම ලියන ලද සටහන්, සිතුවම් සහ කවි ඇතුළත්.
මීට පෙර කිසි දිනෙක ප්‍රසිද්ධියට පත් නොවූ ලිපි ලේඛනද මෙම එකතුවට ඇතුළත් බවත්, එහිදී, මෙම ලේඛන හරහා මොන්රෝගේ ප්‍රේම සබඳතා, දරු ගැබක් අහිමි වීම පිළිබඳ ඇය තුළ තිබූ බිය සහ මරණය පිළිබඳ ඇය කළ මෙනෙහි කිරීම් විදහා දක්වන බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
වෙන්දේසි ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ බ්‍රයන් චේන්ස් පවසන පරිදි, ඇයගේ මානසික පීඩනය හෙළිවන එක් සුවිශේෂී සටහනක් ද මෙහි ඇතුළත්.
එහි ඇය "මට දැනෙන්නේ මා ගිලෙමින් සිටිනවා වැනි හැඟීමක්" යනුවෙන් ලියා ඇති අතර, ජලයේ ගිලී යන රූපයක් ද එහි ඇඳ තිබෙන බවයි සඳහන්.
මොන්රෝගේ හිටපු සැමියෙකු වූ නාට්‍ය රචක ආතර් මිලර් විසින් එවන ලද ලිපි මෙන්ම, ඇය මිය යාමට පෙර දින කිහිපය පිළිබඳ ඇගේ මනෝ වෛද්‍යවරයා විසින් ලියන ලද මෙතෙක් අනාවරණය නොවූ ලිපියක් ද මෙම එකතුවට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ.
1926 දී නෝර්මා ජීන් මෝර්ටෙන්සන් නමින් අමෙරිකාවේදී උපත ලැබූ මැරිලින් මොන්රෝ, සිය වෘත්තීය ගමන ආරම්භ කළේ නිරූපිකාවක ලෙසින්.
පසුව 1940 දශකයේ අගභාගයේදී සිනමාවට පිවිසි ඇය, 1950 දශකය වන විට ලොව වඩාත්ම ඉල්ලුමක් ඇති නිළිය බවට පත් වුණා.
1962 අගෝස්තු 04 වැනිදා වයස අවුරුදු 36 දී ඇය මියගොස් සිටියදී හමු වූ අතර, එය අධික ලෙස නිදි පෙති පානය කිරීමෙන් සිදුවූ මරණයක් (Overdose) ලෙස තීන්දු කළා.
කෙසේ වෙතත්, ඇයගේ මරණය අදටත් විවිධ කුමන්ත්‍රණ කථා සහ අබිරහස් වලින් පිරි එකක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.
මූලාශ්‍රය | රොයිටර්ස්

Latest News
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
06 June 2026
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල
Local
06 June 2026
ලක්ෂ 5කට අධික මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙක් දැලේ
Local
06 June 2026
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
Local
05 June 2026
දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්
Local
05 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 June 2026
මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි
Local
05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග
Local
05 June 2026
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්
Local
05 June 2026
පළඟ වටයේ උණුසුම් සටනින් තර්ස්ටන් පිලට 14-12 ක තියුණු ජයක්
Local
05 June 2026