Sports01 February 2017

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

ඉන්දියාවේ පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත දෘශ්‍යාබාධිත පිළ සමඟ පැවැති තරඟය ලකුණු 214කින් ජය ගැනීමට ශ්‍රී ලකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, නව ලෝක වාර්තා රැසක් පිහිටුවමින්.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 334ක් රැස් කළා.

එහිදී රුවන් වසන්ත ලකුණු 177ක් සහ සුරංග සම්පත් ලකුණු 146ක් රැස් කිරීම විශේෂත්වයක්.

මෙය විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟයකදී  ඕනෑම කඩුල්ලක් සඳහා රැස් කළ වැඩිම ලකුණු සබඳතාවය වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 334 විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ඉනිමක වාර්තා කළ 3 වන වැඩිම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟය අද දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes