Sports18 July 2026

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි

අභාවප්‍රාප්ත වූ බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවය පිළිබඳ බලවත් කණගාටුව පළකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ, ඔහුට ගෞරව දැක්වීමට අද (18) පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩකයින් කළු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

එමෙන්ම, තරග ආරම්භයට පෙර විනාඩියක නිහඬතාවයක් පළකර ඔහුට ගෞරව දක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
Related Recomands
Hiru TV News | Programmes