Sports08 October 2025

වයස 17න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: මිනුවන්ගොඩ ජනාධිපති අවසන් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්
තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය සමත් වී තිබෙනවා.

කඳාන දි මැසිනෝද් විද්‍යාල ක්‍රීඩාංගනයේදි පැවැති මෙම අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයක් ලැබීමට මිනුවන්ගොඩ
ජනාධිපති විද්‍යාලය සමත් වුණා.

මෙම තරගයේදී මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නායක නෙතුල් මෙත්මික පන්දු 43කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී
ලකුණු 62ක් රැස් කළා.

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය: 77 (පන්දුවාර 27.4) දනිරු ලෙෂාන් 27, හංසද අධීෂ 17/3, ප්‍රබුද්ධ මතීෂ 17/3, බානුක අනුරාධ 12/2
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය: 81/1 (පන්දුවාර 12.4) නෙතුල් මෙත්මික නොදැවී 62
Related Recomands
Hiru TV News | Programmes