වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) විසින් සංවිධානය කරනු ලබන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට Hayleys Group A කණ්ඩායම සමත් වී තිබෙනවා.
කාසියේ වාසිය දිනාගත් Hayleys Group A නායක රමේෂ් මෙන්ඩිස්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Maliban Biscuits A කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ධනංජය ලක්ෂාන් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා. ඔහුට අමතරව සහන් ආරච්චිගේ ලකුණු 16ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Hayleys Group A නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. කවිශ්ක අංජුල ලකුණු 26කට කඩුලු 3ක් ද, ට්‍රෙවීන් මැතිව් කඩුලු ද්විත්වයක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ලක් ද දවා ගත්තා.
ලකුණු 123ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Hayleys Group A කණ්ඩායම, තවත් පන්දු 20ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් වුණා.
ඉනිම ආරම්භ කළ නිශාන් මදුශ්ක සහ සදීර සමරවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක දී ලකුණු 54ක හොඳ සබඳතාවක් ගොඩනැඟූවා.
සදීර සමරවික්‍රම හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක්, නිශාන් මදුශ්ක පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.
Maliban Biscuits A ක්‍රීඩකයෝ නුවනිඳු ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පන්දු 5ක් තුළ දවා ගනිමින් තරගයේ වාසිය තමන් වෙතට නතු කර ගැනීමට උත්සාහ කළ ද, Hayleys Group A නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.
මිනෝද් භානුක හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
Maliban Biscuits A කණ්ඩායම වෙනුවෙන් දුශාන් හේමන්ත ලකුණු 28කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟින් Hayleys Group A කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

Latest News
පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටු 4කට අමෙරිකාවෙන් ප්‍රහාර; 14ක් මරුට
Local
29 October 2025
ගල්කිස්ස උසාවියේ නඩු බඩු කාමරයෙන් ගිනි අවියක් ඉස්සූ රැඳවියා මාට්ටු
Local
29 October 2025
රේගුව රඳවා ගත් කුරාන් ග්රන්ථ යළි ඉන්දියාවට
Local
29 October 2025
බැලුවම කෙට්ටු වුණාට ඇතුළෙ තෙල් තට්ටු: BMI ගැන වාර්තාවක්
Local
29 October 2025
වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ගන්නවා නම් එච්අයිවී ආසාදිතයින්ට ප්‍රශ්නයක් ඇත්තේම නෑ
Local
29 October 2025
පිරිවෙනුත් ඩිජිටල්වෙයි
Local
29 October 2025
මාස තුනක්ම රැස් නොවූ සීතාවක ප්‍රාදේශීය සභාව කැඳවන ලෙස ඉල්ලති
Local
29 October 2025
එක්දින පිතිකරුවන් අතර අංක 01 රෝහිත් ශර්මාට
Local
29 October 2025
දේශපාලන හිතවතුන් රැසක් රනිල් වෙනුවෙන් අද අධිකරණයට
Local
29 October 2025
ලෝක ටෙක්කියොන් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
Local
29 October 2025