පසුගිය මාර්තු මාසයේදී ඉන්දීය කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන ශූරතාවය කරා මෙහෙයවූ සූර්යකුමාර් යාදව් (Suryakumar Yadav) වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් මෙන්ම සමස්ත විස්සයි20 සංචිතයෙන්ම ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පියවර ගෙන තිබෙනවා.
ඒ අනුවයි ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නව නායකයා ලෙස ප්‍රබල පිතිකරු ශ්‍රෙයාස් අයියර් (Shreyas Iyer) නිල වශයෙන් පත් කර ඇත්තේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයර්ලන්ත සහ එංගලන්ත සංචාරයන් සඳහා ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (06) නිල වශයෙන් සංචිතය ප්‍රකාශයට පත් කරමින් මෙම වෙනස සිදුකර ඇති අතර, කණ්ඩායමේ උපනායකයා ලෙස තිලක් වර්මා (Tilak Varma) පත් කර තිබෙනවා.
35 වැනි වියේ පසුවන සූර්යකුමාර් යාදව්ගේ වයස සහ මෑත කාලීනව ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම අයි.පී.එල් (IPL) තරගාවලියේදී ඔහුගේ පිතිකරණයේ පැවැති දුර්වලතා සලකා බලමින් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගත් දිගුකාලීන සැලසුමක් මත තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අයි.පී.එල් තරගාවලිය තුළ කල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමට ශූරතාවය දිනා දෙමින් සහ අනෙකුත් කණ්ඩායම් සාර්ථකව මෙහෙයවමින් පෙන්වූ විශිෂ්ට නායකත්ව කුසලතා මෙන්ම, පිතිකරුවෙකු ලෙස දැක්වූ ඉහළ දක්ෂතා හේතුවෙන් 31 හැවිරිදි ශ්‍රෙයාස් අයියර් වෙත මෙලෙස ජාතික කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙනවා.
ඔහු 2023 දෙසැම්බර් මාසයෙන් පසු ඉන්දියාව වෙනුවෙන් විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නොමැති වීම ද විශේෂත්වයක්.
මීට අමතරව, මෙවර සංචිතයට 15 හැවිරිදි යොවුන් පිතිකරු වෛභව් සූරියවංශි (Vaibhav Sooryavanshi) ද ප්‍රථම වතාවට කැඳවා තිබෙනවා.
ශ්‍රෙයාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමේ පළමු අභියෝගය එළඹෙන ජූනි 26 වැනිදා අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට් (Belfast) නුවරදී ආරම්භ වීමට නියමිතයි.

Latest News
ප්‍රදේශ කිහිපයකට හෙට තද වැසි
Local
06 June 2026
මීගොඩ දන්සැල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනා රිමාන්ඩ්
Local
06 June 2026
කුවේටයට සහ බහරේනයට යළිත් ඉරානයෙන් ප්‍රහාර
Local
06 June 2026
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක: රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්
Local
06 June 2026
ඉන්දීය T20 ක්‍රිකට් නායකත්වයට අයියර් පත්වෙයි: සූර්යකුමාර් යාදව් සංචිතයෙන්ම ඉවතට!
Local
06 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Local
06 June 2026
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026