Sports14 June 2026

ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්

2026 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ (Schools Rugby League) බෝල් වටයේ (Bowl Segment) පැවැත්වුණු අතිශය උද්වේගකර සහ තියුණු තරගයකින් ඩී. එස්. සේනානායක විද්‍යාලය (D. S. Senanayake College) පරාජය කරමින් 37-36 ක තනි ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය (Science College) සමත් වුණා.

තරගය පුරාවටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, ලකුණු පුවරුව නිරන්තරයෙන් වෙනස් කරමින් ප්‍රේක්ෂකයින් මහත් කුතුහලයක තැබීමට ක්‍රීඩකයෝ සමත් වූවා.

විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින් තම වේගවත් ප්‍රහාරාත්මක උපක්‍රම දියත් කරද්දී, ඩී. එස්. සේනානායක විද්‍යාලය ද දක්ෂ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තරගයේ අවසාන තත්පරය දක්වාම ජයග්‍රහණය සඳහා දැඩි සටනක නිරත වුණා.
Related Recomands
Hiru TV News | Programmes