ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ශා (Jay Shah) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවාජිත් සයිකියා (Devajit Saikia) අද (19) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මෙම දූත පිරිස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර පැවැති මෙම හමුව ඉතා සුහද සහ ඵලදායී එකක් වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය සහ පාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා දැනට පත්කර ඇති කමිටුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් දූත පිරිස වෙත ඉදිරිපත් කරන ලද බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දිගුකාලීන ස්ථාවරත්වයක් සහ යහපාලනයක් තහවුරු කිරීම වෙනුවෙන් සිදුකෙරෙන ව්‍යවස්ථාපිත හා පරිපාලනමය ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිළි කර තිබෙනවා.
අදාළ නීතිමය සහ ව්‍යවස්ථාපිත රාමුවට අනුකූලව, මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වන පරිපාලනයක් වෙත නැවත බලය පැවරීම සිදුකිරීමට බලාපොරොත්තු වන ආසන්න කාලසීමාවන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ICC සභාපතිවරයා වෙත දැනුම් දී ඇති අතර, විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් සඳහා මේ වන විට ලබාගෙන ඇති ප්‍රගතිය ද එහිදී පෙන්වා දී තිබෙනවා.
එහිදී, ශ්‍රී ලංකාව ලබා දී ඇති මෙම පැහැදිලි කිරීම් අගය කර ඇති ICC සභාපතිවරයා, සාමාජික රටවල ක්‍රිකට් පාලක මණ්ඩල තුළ යහපාලනය, විනිවිදභාවය ඇති කිරීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ වර්ධනය උදෙසා ICC ආයතනය නිරන්තරයෙන් සහයෝගය දක්වන බව සඳහන් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Latest News
දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
Local
20 June 2026
කුරුළු උණ වෛරසය ඇන්ටාක්ටිකාවටත් : සීල් පැටවුන් දසදහස් ගණනක් මියයයි
Local
20 June 2026
ක්‍රිකට් ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන SLC ප්‍රධානීන් සහ ICC සභාපති අතර විශේෂ හමුවක්
Local
19 June 2026
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ
Local
19 June 2026
රන් ආලේපිත ගිනිඅවියට දුමින්ද දිසානායක යළි සැකකරුවෙක් කෙරේ; අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
Local
19 June 2026
බැසිල්ට නිකුත් කළ වරෙන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
19 June 2026
රේගුවට කොළ එපා වෙයි
Local
19 June 2026
වසර 35ක ජනාධිපති නිල සේවය නිමා කරමින් අමෙරිකානු 'එයාර් ෆෝස් වන්' බෝයිං 747 ගුවන් යානය විශ්‍රාම ගනියි
Local
19 June 2026
අමෙරිකාව සහ කටාර් රාජ්‍යය ඉරාන සහාය ඇතිව කළ සාකච්ඡාවකට අනුව සටන් විරාමයකට ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් එකඟ වෙයි
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - තර්ස්ටන් විද්‍යාලය පරදා ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය
Local
19 June 2026