Sports20 June 2026

පාසල් රග්බි: රෝයල් පරදා ශාන්ත පීතරයින්ට ජය

2026 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ ප්‍රධානතම කුසලාන වටයේ (Cup Segment) පැවැති තීරණාත්මක තරගයකින් කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 27-22 ක් ලෙස පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා.

කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම උණුසුම් තරගයේ ජයග්‍රහණයත් සමගින් එම විද්‍යාල අතර වාර්ෂිකව පවත්වනු ලබන කීර්තිමත් ‘බී. සී. ඇන්ගි’ අනුස්මරණ කුසලානය (B. C. Anghie Trophy) යළි තමන් සතු කර ගැනීමට පීටරයිට් ක්‍රීඩකයෝ සමත් වුණා.

පසුගිය වසරේදී මෙම කුසලානය රාජකීය විද්‍යාලය සතු කරගෙන තිබුණ ද, මෙවර තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් එය යළිත් බම්බලපිටියට රැගෙන යාමට ශාන්ත පීතර විද්‍යාලයට හැකියාව ලැබුණා.
Related Recomands
Hiru TV News | Programmes