Sports21 June 2026

සූර්යවංශිගෙන් පන්දු 11කින් අර්ධ ශතකයක්: පන්දු 29කදී ලකුණු 94ට දැවී යයි

ශ්‍රී ලංකා A, ඉන්දියා A සහ අෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා A පිළට එරෙහිව පන්දු 11කදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ ආරම්භක පිතිකරු වෛභව් සූර්යවංශි සමත් වුණා.

එම වේගවත් අර්ධ ශතකයට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් වශයෙන් අන්තර්ගත වුණා.

ඉන් නොනැවතුණු සූර්යවංශිගේ පිත්ත යළි පිටිය සිසාරා ක්‍රියාත්මක වූයේ ශතකයක මුව විට අවාසනාවන්ත දැවී යාමකට මුහුණ දෙමින්.

ඔහු දැවී යන විට පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 94ක් වාර්තා කරගෙන සිටියා.

එහි දී ඔහු හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් එල්ල කර තිබුණා.

කෙසේ නමුත් ඔහු වනුජ සහන්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකා A කණ්ඩායම මුහුණ දෙමින් සිටි හිසේරුදාවට යම් සහනයක් ගෙන එමින්.
Related Recomands
Hiru TV News | Programmes