අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රිඩිකාවක් වූ ටියානා සුමනසේකර ඉදිරියේදි ශ්‍රි ලංකාව නියෝජනය කිරිමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ලියාපදිංචිය ක්‍රිඩා අමාත්‍යාංශය වෙතින් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රි ලාංකික මා පිය යුවලකට දාව 2007 වසරේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ දි උපත ලද ටියානා සුමනසේකර අමෙරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් මෑතකාලේ ජයග්‍රහණ රැසකට හිමිකම් කියා තිබෙනවා.
ඉදිරි ඔලිම්පික් තරගාවලිය ඉලක්කකර ගනිමින් මෙලෙස ඇය ශ්‍රි ලංකාව නියෝජනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.
ඇය මෙම තීරණය විස්තර කර ඇත්තේ ඇගේ ක්‍රීඩා ජීවිතයේ ආඩම්බරකාරී මෙන්ම හැඟීම්බර සන්ධිස්ථානයක් ලෙස බවයි ඇය පවසන්නේ.
ඇය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තබන ලද සටහනක දැක්වෙන්නේ, ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි තමා තුළ සැමවිටම දැඩි ඇල්මක් තිබූ බවත්, ක්‍රීඩාවට පිවිසි පළමු දිනයේ සිටම ඇය ඊට බෙහෙවින් ඇලුම් කළ බවයි.
පසුගිය වසර පහක කාලය තුළ ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම තමාට මහත් ගෞරවයක් වූ බවත්, එම ගමන තුළින් තමාට ලැබුණු සියලු අවස්ථාවන් පිළිබඳව කෘතඥ වන බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදීම "සැබෑ කරගත නොහැකි යැයි සිතූ සිහිනයක් සැබෑ වීමක්" බඳු යැයි පවසන සුමනසේකර, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම තුළින් තමාගේ උරුමයට ගරු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සහ සමස්ත දකුණු ආසියාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීමට දායක විය හැකි බවයි පවසන්නේ.

Latest News
"අඩුවට තෙල් ගෙනාවම අඩු මිලට දෙන්නම්" - නි. ඇමති රුවන්
Local
22 June 2026
රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 June 2026
රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙනවිත් සිටි අලියෙකු විසින් සිදු කළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මිය යයි
Local
22 June 2026
ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
Local
22 June 2026
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිතව රථ වාහන තදබදයක්
Local
22 June 2026
නවසීලන්තය පරාජය කරමින් ඊජිප්තුවට ජය
Local
22 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර දින 60ක එකඟතාවක්
Local
22 June 2026
ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි
Local
22 June 2026
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026