Sports22 June 2026

ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි

අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රිඩිකාවක් වූ ටියානා සුමනසේකර ඉදිරියේදි ශ්‍රි ලංකාව නියෝජනය කිරිමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලියාපදිංචිය ක්‍රිඩා අමාත්‍යාංශය වෙතින් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලාංකික මා පිය යුවලකට දාව 2007 වසරේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ දි උපත ලද ටියානා සුමනසේකර අමෙරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් මෑතකාලේ ජයග්‍රහණ රැසකට හිමිකම් කියා තිබෙනවා.

ඉදිරි ඔලිම්පික් තරගාවලිය ඉලක්කකර ගනිමින් මෙලෙස ඇය ශ්‍රි ලංකාව නියෝජනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මෙම තීරණය විස්තර කර ඇත්තේ ඇගේ ක්‍රීඩා ජීවිතයේ ආඩම්බරකාරී මෙන්ම හැඟීම්බර සන්ධිස්ථානයක් ලෙස බවයි ඇය පවසන්නේ.

ඇය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තබන ලද සටහනක දැක්වෙන්නේ, ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි තමා තුළ සැමවිටම දැඩි ඇල්මක් තිබූ බවත්, ක්‍රීඩාවට පිවිසි පළමු දිනයේ සිටම ඇය ඊට බෙහෙවින් ඇලුම් කළ බවයි.

පසුගිය වසර පහක කාලය තුළ ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම තමාට මහත් ගෞරවයක් වූ බවත්, එම ගමන තුළින් තමාට ලැබුණු සියලු අවස්ථාවන් පිළිබඳව කෘතඥ වන බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදීම "සැබෑ කරගත නොහැකි යැයි සිතූ සිහිනයක් සැබෑ වීමක්" බඳු යැයි පවසන සුමනසේකර, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම තුළින් තමාගේ උරුමයට ගරු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සහ සමස්ත දකුණු ආසියාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීමට දායක විය හැකි බවයි පවසන්නේ.
Related Recomands
Hiru TV News | Programmes