Sports23 June 2026

එක රැයකින් ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කළ මෙසී: ගිනස් වාර්තා 4ක් තමන් සතු කරගනී

ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසී (Lionel Messi) ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාවට එරෙහිව පැවති තරගයේදී ගෝල 2ක් වාර්තා කරමින් ආර්ජන්ටිනාවට ජයග්‍රහණය ගෙන දුන් අතර, එහිදී ඔහු විසින් බිඳ හෙලන ලද ඓතිහාසික ලෝක වාර්තා 4ක් ගිනස් ලෝක වාර්තා (Guinness World Records) ආයතනය විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඔස්ට්‍රියාවට එරෙහිව පැවති මෙම තරගයෙන් ආර්ජන්ටිනාව ගෝල 2-0ක විශිෂ්ට ජයක් ලැබූ අතර, එම ගෝල ද්විත්වයම වාර්තා කරන ලද්දේ මෙසී විසින්.

මේ සමගම ඔහු ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන වාර්තා කිහිපයකට හිමිකම් කීමට සමත් වුණා.

ඒ අනුව, ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝසගේ ගෝල 16 පරාජය කරමින් මෙසී ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලෙස ගෝල 18ක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.

එසේම තනි ක්‍රීඩකයෙකු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ ක්‍රීඩා කළ වැඩිම තරග සංඛ්‍යාවේ වාර්තාව ද මෙසී සතුයි.

ලෝක කුසලාන පිටියේදී ක්‍රීඩකයෙකු කණ්ඩායම සමග ලබා ගත් වැඩිම තරග ජයග්‍රහණ සංඛ්‍යාවේ වාර්තාව ද මෙසී තමන් සතු කරගත්තා.

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයෙකු පිටිය තුළ රැඳී සිටිමින් ක්‍රීඩා කළ වැඩිම කාලය ලෙස මිනිත්තු 2,489ක වාර්තාව ද මෙසී විසින් පිහිටුවනු ලැබුවා.
Related Recomands
Hiru TV News | Programmes