අයි.සී.සී. (ICC) කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ (2026) දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 40කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.
ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී එංගලන්තය දැක්වූ දක්ෂතා හමුවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.
තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා.
එංගලන්ත ඉනිම ශක්තිමත් කළ නැට් සිවර්-බ්‍රන්ට් (Nat Sciver-Brunt) පන්දු 47කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 75ක් රැස් කළා.
ඇයට අනගි සහයක් දුන් නායිකා හෙදර් නයිට් (Heather Knight) ලකුණු 58ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් නොන්කුලුලෙකෝ ම්ලබා (Nonkululeko Mlaba) ලකුණු 25කට කඩුලු 2ක් සහ ශබ්නිම් ඉස්මයිල් (Shabnim Ismail) ලකුණු 31කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.
ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එංගලන්ත පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129ක් පමණයි.
දකුණු අප්‍රිකානු ඉනිමේ තනි සටනක නිරත වූ ටැස්මින් බ්‍රිට්ස් (Tazmin Brits) ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුණා.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ එංගලන්තයේ ලෝරන් බෙල් (Lauren Bell) ලකුණු 28කට කඩුලු 2ක් සහ චාලි ඩීන් (Charlie Dean) ලකුණු 31කට කඩුලු 2ක් බැගින් දවා ගනිමින් එංගලන්ත කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා රැගෙන ගියා.

Latest News
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට
Local
03 July 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
Local
03 July 2026
රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : කොළඹ කාන්තා විද්‍යාලය විශිෂ්ට ජයක් සමගින් 14න් පහළ 100X4 ඉසව්වේ බාලිකා අවසන් මහා තරගයට
Local
03 July 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුව පස්වරු 2.00ට නැවත කැඳවයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අද අධිකරණයට
Local
03 July 2026
දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කාන්තා පිල පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
03 July 2026