Sports30 July 2026

රුමේෂ් තරංග අද පොදු රද මඬුලු තරග බිමට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තු වන හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද (30) සිය මූලික තරගයට එක්වනවා.

එය මෙරට වේලාවෙන් පස්වරු 2.55 පැවැත්වීමට නියමිතයි.

රුමේෂ් තරංග සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහ ද මෙම තරගයට ක්‍රීඩා කරනවා.

මූලික තරගයේ මුල් ස්ථාන 12ට තේරී පත්වන ක්‍රීඩකයින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති.
Related Recomands
Hiru TV News | Programmes