Sports13 August 2026

ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2026 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 13 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලබන අතර උප නායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම පත් කර තිබෙනවා.

නම් කරන ලද සම්පූර්ණ සංචිතය පහතින්.

චමරි අතපත්තු - නායිකාව
ඉමේෂා දුලානි
සංජනා කාවින්දි
විශ්මි ගුණරත්න
හර්ෂිතා සමරවික්‍රම - උප නායිකාව
කවීෂා දිල්හාරි
නිලක්ෂිකා සිල්වා
හසිනි පෙරේරා
කෞෂිනී නුත්‍යාංගනා - කඩුලු රකින්නිය
දෙව්මි විහංගා
සුගන්දිකා දසනායක
චමුදි ප්‍රබෝධා
චේතනා විමුක්ති
කාව්‍යා කාවින්දි
මිතලි අයෝද්‍යා

Related Recomands
Hiru TV News | Programmes