Sports18 June 2013

කැන්ගරුවන් පරදවා සිංහයින් ඉදිරි වටයට.


 

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  ඕස්ට්‍රේලියාව සමග ඊයේ පැවති තරඟය ලකුණු 20කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.  ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම චැම්පියන්ස් කුසලාන තරඟයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඊයේ තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු  ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 253 ක් රැස් කළා. එහිදී මහේල ජයවර්ධන නොදැවී ලකුණු 84 ක් ලබාගත් අතර ළහිරු තිරිමාන්න ලකුණු 57 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 42 යි පන්දු 3 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 233 ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිස්ඨ පන්දු යැවීමක නිරතවූ නුවන් කුලසේකර ලකුණු 42 කට කඩුලූ 3 ක් දවාගත්තා.

Related recommendation
Hiru TV News | Programmes