Sports13 June 2026

කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී

2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ සත්කාරක කැනඩාව සහ බොස්නියා සහ හර්සගොවිනා (Bosnia and Herzegovina) කණ්ඩායම අතර පැවති අතිශය තීරණාත්මක තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම දැඩි ආක්‍රමණශීලී සහ කරට කර තරගයක නිරත වූ අතර, දෙපාර්ශවයෙන්ම ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා.

කෙසේ නමුත් මෙම ජය පරාජයෙන් තොර ප්‍රතිඵලයත් සමග, තරගයේ ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙක අතර සමව බෙදී යනු ඇති.

එමෙන්ම, 'D' කාණ්ඩයෙන් වඩාත් ආකර්ශනය හිමිකරගත් එක්සත් ජනපදය සහ පැරගුවේ රාජ්‍යය තරග වදින පාපන්දු ලෝක කුසලානයේ සිවුවැනි තරගය ලොස් ඇන්ජලීස් හිදී අද (13) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 06.30ට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes