International13 June 2026

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට

ඉන්දිය ගුවන් හමුදාවට අයත් AN -32 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය ඇසෑම් හි ජෝර්හාට් ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ සිටි කාර්ය මණ්ඩලයේ තත්ත්වය හෝ ඔවුන්ට සිදු වූ හානිය පිළිබඳව කිසිදු නිල තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes