Sports12 June 2026

පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම ඉතිහාසයේ පළමුවරට රතු කාඩ්පත් තුනක්

2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති සමාරම්භක තරගය, උණුසුම් මුහුණුවරක් ගත්තේ දෙපිලේම ක්‍රීඩකයින් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීමත් සමඟයි.

ලෝක කුසලාන තරගයකදී රතු කාඩ්පත් තුනක් හෝ වැඩි ගණනක් ලැබුණු හත්වන අවස්ථාව මෙය වන අත,ර ආරම්භක තරඟයකදී පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වනවා.

ඒ අනුව, තරගයේ දෙවැනි භාගය ආරම්භ වී 4 වැනි මිනිත්තුවේදී (49 වැනි මිනිත්තුවේදී) මෙක්සිකෝ ක්‍රීඩක බ්‍රයන් ගුටරෙස්ට පිටුපසින් බාධා කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සිතෝලේට (Sithole) විනිසුරු විසින් පළමු රතු කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කරන ලද අතර, දකුණු අප්‍රිකාව ක්‍රීඩකයින් 10 දෙනෙකු දක්වා සීමා වුණා.

තරගයේ අවසන් භාගයේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි දකුණු අප්‍රිකාවේ ස්වානේ (Zwane) සිය අත රළු ලෙස භාවිත කිරීම හේතුවෙන් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් කෙරුණා.

ඊට මිනිත්තු කිහිපයකට පසු, පෙන්ති සීමාව ආසන්නයේදී රළු ලෙස හැසිරීම හේතුවෙන් මෙක්සිකෝ කණ්ඩායමේ නායක සේසර් මොන්ටෙස්ටද (Cesar Montes) විනිසුරු විසින් රතු කාඩ්පතක් පෙන්වීය. එයද ගෝලයක් ලබා ගැනීමට තිබූ පැහැදිලි අවස්ථාවක් වැළැක්වීම හේතුවෙන් ලබා දෙන ලද්දක්.

අවසානයේදී ක්‍රීඩකයින් 10 දෙනෙකු සමඟ ක්‍රීඩා කළ මෙක්සිකෝ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව ආරම්භ කිරීමට සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes