International13 June 2026

කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි පිහිටි සුප්‍රසිද්ධ කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලෙහි සවි කර තිබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ, එම ගොඩනැගිල්ලෙන් සහ එහි මෙහෙයුම් කටයුතුවලින් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමට අධිකරණය ලබා දී තිබූ අවසන් දිනය දීර්ඝ කරන ලෙස කෙනඩි මධ්‍යස්ථානයේ පාලනාධිකාරිය කළ ඉල්ලීම් සියල්ලම ඊයේ දිනයේ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමකයි.

මෙම අධිකරණ නියෝගයත් සමග ඊයේ (12) පස්වරුවේම සේවකයින් පිරිසක් පැමිණ, ගොඩනැගිල්ලේ ට්‍රම්ප්ගේ නම සහිත අකුරු ගැලවීම සඳහා පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related recommendation
Hiru TV News | Programmes