General23 March 2015

විග්නේෂ්වරන් යාපනයේදී සිංහලෙන් කතා කරයි

සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලූ ජන කොටස් අතර සාමය හා සහජීවනය ගොඩනැංවීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීම සිහිනයක් නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් යාපනයේ අද (23) පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ සිංහල බසින්.  

අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වුණේ යාපනයේ වලලායි ප්‍රදේශයේදියි. එහිදී දකුණේ නායකයින්ට යාපනයේ ජනතාවගේ උණුසුම් පිළිගැනීමක් ද හිමි වුණා. උතුරේ අධිආරක්ෂිත කලාප යටතේ යුද හමුදාව සතු ඉඩම් අක්කර 1000ක් යළි මුල් පදිංචිකරුවන්ට පැවරීමේ මුල් අදියරයයි අද ක්‍රියාත්මක වූයේ. එහිදී ඉඩම් අක්කර, 425ක් පමණ ඔවුන් වෙත නිදහස් කෙරුණා. 









Related recommendation
Hiru TV News | Programmes