General07 June 2015

ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගණයක් දකුණු සුඩානයට

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගණයක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා දකුණු සුඩානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය සදහන් කළේ ඊට නියමුවන් සහිත එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා 3ක්, ඉංජිනේරුවන් සහ 104කින් යුත් කාර්ය මණ්ඩලයක් ඇතුළත් බවයි.

මෙහි මුල් කණ්ඩායම ලෙස නියමුවන් සහිත හෙලිකොප්ටර් යානා 3ක් සහ ඉංජිනේරුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ඊයේ දකුණු සුඩානය බලා පිටත්ව ගියා. මෙම බල ඇණියේ ප්‍රධාන අණ දෙන්නා ලෙස කටයුතු කරන්නේ වින්ග් කමාන්ඩර් විශ්ව සාමන්තයි. කණ්ඩායමේ සෙසු පිරිස ලබන මස 21 වන දා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් හමුදා මූලස්ථානය කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා රටවල් රැසකින් අයදුම්පත් කැදවා තිබූ අතර, එම රටවල් අභිබවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ සඳහා සුදුසුකම් ලැබීම ද විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes