General25 September 2015

තවත් අකුණක් බිරිඳ තනි කරයි

අකුණු සැර වැදීමෙන් පොළොන්නරුව අත්තනකඩවල ජබුරෙවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු  ඊයේ (24) පස්වරුවේ ජිවිතක්ෂයට පත්ව ඇත.
 
පස්වරු 4.30 ට පමණ  අනතුර සිදුව ඇති අතර  මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි  පී.ජී. ජයවීර නමැති අයෙක්.
 
මිදුලේ දිය නාමින් සිටියදී මෙම පුද්ගලයාට අකුණු සැර වැදී ඇති බව බකමූණ පොලිසීය කියයි.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳගේ පාදයක් ද අකුණු සැර වැදීමෙන්  තුවාල වී ඇත.
Related recommendation
Hiru TV News | Programmes