General28 September 2015

ඊයේ මැදියම් රැයේ දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් - හේතුව සොයන්න - විදුලිබල ඇමති

ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම විදුලිය බිඳ වැටීම පැය කිහිපයක්ම පැවතුණා. කෙසේ වෙතත් මෙම විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි.

මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

දිවයින පුරා විදුලිය බිඳවැටීමක්

Related recommendation
Hiru TV News | Programmes