International08 November 2015

බිහාර් ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදිට පරාජයක්

අදියර 5 කින් පැවති ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ ඡුන්ද ගණන් කිරීම අද සිදුවූ අතර, එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට අත්වී තිබෙන්නේ දැවැන්ත පරාජයක්. මැතිවරණයෙන් භාරතිය ජනතා පක්ෂය ජයගනු ඇති බවටයි මුලින් අනාවැකි පළවූයේ. එහෙත් වත්මන් ප්‍රධාන අමාත්‍ය නිතීෂ් කුමාර්ගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්ෂ සන්ධානය ආසන 243 කින් යුත් බිහාර් ප්‍රාන්ත සභාවේ ආසන 157 ක් ජයග්‍රහණය කර තිබෙනවා. භාරතීය ජනතා පක්ෂ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 77 ක් පමණයි. එය මෝදි රජය ලැබූ කැපී පෙනෙන දේශපාලන පසුබෑමක් බව විචාරකයන් පෙන්වා දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes