ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරක කාලය තුළ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ව්‍යාපාර හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයකට (රුපියල් බිලියන 300කට අධික) වඩා උපයා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඇමෙරිකානු රජයේ ආචාර ධර්ම පිළිබඳ කාර්යාලය (U.S. Office of Govement Ethics) විසින් නිකුත් කරන ලද පිටු 927ක වාර්ෂික මූල්‍ය ප්රකාශනයක් මගින් මෙම තොරතුරු හෙළිව ඇත. මීට පෙර ක්‍රිප්ටෝ මුදල් යනු ‘මහජනතාව මුළා කරන වංචාවක්’ (Scam) ලෙස හැඳින්වූ ට්‍රම්ප්, මේ වන විට ඉන් විශාල ලාභයක් උපයන්නෙකු බවට පත්ව සිටීම විශේෂත්වයක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ට්‍රම්ප්ගේ පවුලට සම්බන්ධ ‘වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල්’ (World Liberty Financial) ව්‍යාපාරය හරහා ඩොලර් මිලියන 500කට අධික මුදලක් ද, ඔහුගේ දෙවන ජනාධිපති ධුරය භාර ගැනීමට දින කිහිපයකට පෙර දියත් කළ $TRUMP නම් ‘මෙම්කොයින්’ (Memecoin) ව්‍යාපාරය හරහා ඩොලර් මිලියන 600කට අධික මුදලක් ද උපයා ඇති අතර මේ සමඟ ෆෝබ්ස් (Forbes) සඟරාව ඇස්තමේන්තු කර ඇත්තේ ට්‍රම්ප්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රිප්ටෝ කාසිවල ආයෝජනය කළ සාමාන්‍ය ජනතාවට අත්ව ඇත්තේ ඉතා කණගාටුදායක ඉරණමකි. ආරම්භයේ දී පැවති දැඩි ප්‍රචාරණයෙන් පසු $TRUMP කාසියේ අගය මේ වන විට සියයට 98කින් පමණ පහත වැටී ඇති අතර මිලියනයකට අධික ආයෝජකයින්ට අතිවිශාල පාඩුවකට මුහුණ දීමට සිදුව තිබේ. ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ අය ලැබූ ඩොලර් බිලියන ගණනක ලාභය සාමාන්‍ය ආයෝජකයින් අහිමි කරගත් මුදල්වලින් සැකසුණක් බවට විචාරකයින් චෝදනා කරනවා.
මෙම අනාවරණයත් සමඟ ඩිමොක්රටික් පක්ෂයේ දේශපාලනඥයින් ඇතුළු විපක්ෂ ක්‍රියාකාරීන් ට්‍රම්ප් වෙත දැඩි විවේචන එල්ල කරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය ඇමෙරිකානු පවුල් ජීවන වියදම් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක, ජනාධිපතිවරයා තම ධුරය ව්‍යාපාරික වාසි සඳහා භාවිත කරමින් ‘අසීමිත තණ්හාවක්’ ප්‍රදර්ශනය කරන බවයි.
එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිසිදු ලෙසක තම ධුරයන් අවභාවිත කර නොමැති අතර ඔවුන් සිදුකරන සෑම ක්‍රියාවක්ම ඇමෙරිකානු ජනතාවගේ යහපත උදෙසාම සිදුකරන ඒවා බවයි.

Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අද අධිකරණයට
Local
03 July 2026
දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කාන්තා පිල පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
03 July 2026
"ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් නරක අධිකරණ පද්ධතියක් රටක් විනාශ කරනවා" - අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන
Local
03 July 2026
වසරක් තුළ ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයකට වඩා සොයලා
Local
03 July 2026
වට්ස්ඇප් පරිශීලක නාම (Usernames) හඳුන්වාදීම අත්හිටුවන්නැයි ඉන්දියාවෙන් නියෝගයක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
ලෝක කුසලාන සුපිරි 32 වටයේදී රොනාල්ඩෝ පළමු ගෝලය වාර්තා කරයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහය දිවීම ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 පාසල් සහය දිවීමේ තරගාවලියේ අවසන් දිනය අද
Local
03 July 2026
ක්‍රොඒෂියාව පරදා පෘතුගාලයට ජය
Local
03 July 2026