General12 November 2015

පොළොව පැලිලා - යන්නේ පරිස්සමෙන්

අළුතින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය නගරයට ඉහළින් ස්ථාන කිහිපයක්ම ඉරිතලා ගිලා බැසිම හේතුවෙන් එම ගිලා බැස ඇති ස්ථාන වල රථ වාහන ධාවනය එක් මන්තීරුවකට පමණක් සීමා කර තිබෙනවා.

මෙම ගිලා බැසීම පසු ගිය දිනවල මධ්‍යම කදුකරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ සිදුවි ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

දිනකට එම මාර්ගයේ බර වාහන ඇතුළු සැහැල්ලු වාහන ගණනාවක් ධාවනය වන අතර, එම ගිලා බැස්ම දිනෙන් දින  ප්‍රසාරණය වන බව එම මාර්ගයේ ගමන් ගන්නා මගින් පවසනවා.























ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Related recommendation
Hiru TV News | Programmes