General23 November 2015

සුනඛයෙක් අඩි 4000කින් පැන ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ කොමාන්ඩෝ වික්‍රමය මෙන්න

ඌව කුඩාඔය - කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී  පැවැති විසිර යාමේ පෙළපාලියේ පිරික්සුම් සංදර්ශනයේදී - යුද සුනඛයෙකු වන - ටීෂා අඩි 4000ක් පමණ උඩු ගුවනේ සිට පොළොවට පතිත වී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා වාර්තාවක් බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියෙකු වන මේජර් එම්.එන්.පී.එස්. සිරන්ජීව සමඟ ටීෂා නමැති යුද සුනඛයා උඩු ගුවනේ සිට පොළොවට පතිත වුණේ පැරෂුටයක් ආධාරයෙන්.

පැරෂුට් නිලධාරියාගේ ඉනෙහි ආධාරකයක් මගින් සුනඛයා රදවාගෙන පැනීම සිදුකර තිබෙනවා.

පැරෂුට්‌ ක්‍රියාදාමය පෙරේදා (21)   කුඩාඔය කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පැවති සංදර්ශනයේදී දැකගන්නට ලැබුනා.

























Related recommendation
Hiru TV News | Programmes