General02 January 2016

ආහාර විෂවු ඇගලුම් සේවකයින් ගණන 300 දක්වා ඉහළට

ආහාර විෂවීමකින් රෝහල් ගත කෙරුණූ  බලංගොඩ  ඇල්ලඅරාව ප්‍රදේශයේ පුද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්  සංඛයාව 300 දක්වා  ඉහළ ගොස් තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කල විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කලා.  

අද පෙරවරුවේ අදාළ කර්මාන්ත ශාලාවෙන් ලබාදුන් උදාසන ආහාරයට ගැනීමෙන් අනතුරුවයි මෙම පිරිස රෝගාතුර වි තිබුණේ.

රෝගි ලක්ෂණ පෙන්නුම් කරන තවත් පිරිසක් බලංගොඩ රෝහලට රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ.

බලංගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



Related recommendation
Hiru TV News | Programmes