මන්නාරම - ඉලූප්පෙයිකඩවෙයි ප්‍රදේශයේ වලදමා තිබූ ආර්.පී.ජී. ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ සොයාගත්තා.
පොලිසිය සදහන් කළේ අධිකරණ නියෝගයකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය ගොඩ ගැනීම සිදු කළ බවයි.
පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ය විසින් මේවා වළදමා ඇති බවට අනාවරණ කරගෙන තිබෙනවා.
මේ අතර යාපනය - චාවකච්චේරි - මරවන්පුලව් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී ඇත්තේ අදාළ පුපුරණ ද්‍රව්‍ය මසුන් මැරීම සඳහා ළඟ තබාගෙන සිට ඇති බවයි.
කෙසේ වෙතත් ඔහුට ඒවා ලැබුණේ කෙසේද යන්න පිළිබඳව තවමත් අනාවරණ වී නැහැ.
එමෙන්ම ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වී සිටියේද යන්න පිළිබඳව තවමත් අනාවරණ වී නොමැති බවයි උතුර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මරවන්පුලව් ප්‍රදේශයේ අතහැර දමා තිබූ නිවසක තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක්, ක්ලේමෝ බෝම්බ 4 ක්, ටී.එන්.ටී පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් 3 ක්, මිලිමීටර් 9 පතොරම් 100 ක් සහ බැටරි පැක් 2 ක්, පොලීසිය ඊයේ සොයා ගත්තා.
අදාළ නිවස තුළ ගංජා සඟවා ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. එම අවස්ථාවේදී සිදුකළ පරීක්ෂාකිරීම්වලදියි මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ.
කෙසේ වෙතත් ඒ වනවිට නිවසේ හිමිකරු ප්‍රදේශය අතහැර පලාගොස් තිබුණා.
පසුව සිදුකරන ලද පරීක්ෂණවලදි ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් අතර ඉන් අනතුරුවයි සැකකරු කිලිනොච්චිය අක්කරායන්කුලම් ප්‍රදේශයේ රැදී සිටියදී අත්අඩංගුවට ගත්තේ.
දර කැපීමට යන බව පවසමින් ඇතැම් පුද්ගලයින් පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. ය විසින් වළ දැමූ පුපුරණ ද්‍රව්‍ය ගොඩගන්නා බවටද පොලිස් ස්ථාන වෙත තොරතුරු වාර්තාවී තිබෙනවා.
කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ යුද්ධය පැවති ප්‍රදේශවලින් මෙවැනි පුපුරණ ද්‍රව්‍ය සහ යුද උපකරණ හමුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.
එය ජාතික ආරක්ෂාවට කිසිසේත් තර්ජනයක් නොවන බවද ඔහු එහිදී සඳහන් කළා.

Latest News
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026