General01 July 2016

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 23 ක කාලය යළි දීර්ඝ නොකෙරේ

නිල කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබූ ඉතිරි පළාත් පාලන ආයතන විසිතුනේ කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණු අතර, එහිදී මෙම තීරණය ගත් බව සඳහන්.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදාළ පළාත් පාලන ආයතන 23 විසුරුවා හැරෙනු ඇති.

ඒ අනුව නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන පළාත් පාලන ආයතන 23 ට මහනගර සභා 17 ක්, එක් නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 5 ක් ඇතුළත්.

එම පළාත් පාලන ආයතන 23 හි නිල කාලය පසුගිය වසරේ ඔක්තෝම්බර් 31 වනදා අවසන් වීමට නියමිතව තිබූ නමුත්, ජනාධිපතිවරයා එය අද දිනය දක්වා දෙවරක් දීර්ඝ කරනු ලැබුවා.

Related recommendation
Hiru TV News | Programmes