General10 March 2017

නියගයෙන් පුද්ගලයින් දොලොස් ලක්ෂ 23,000 කට පීඩා

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 ක පවුල් තුන්ලක්ෂ 20,461 කට අයත් පුද්ගලයින් දොලොස් ලක්ෂ 23,568 ක් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පානීය ජල ගැටලූවට මුහුණ පා ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්ම වන බවයි.

ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, මුලතිව්, කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක 13 කටම පානීය ජල ගැටලූව ඍජුව බලපා තිබෙනවා.

ජල උල්පත් සහිත බිම් ගිනි තැබීම් සහ ජල මුලාශ්‍ර සිඳී යාම තර්ජනයකට ලක් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

ඇතැම් ප්‍රදේශවල භූගත ජල සම්පත අඩුවීමත් සමඟ මුහුදු ජලය ලිං ඇතුළු ජල මුලාශ්‍රවලට එක් වී ඇති බවටද කරුණු වාර්තා වනවා.

කෙසේ වෙතත්, පානීය ජලය අර්බුදයකින් තොරව ලබාදීමේ වැඩකටයුතුු සිදුකෙරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes