හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සාමාන්‍ය සැකකරුවකු සේ සලකා නීතියේ සමානාත්මතාවය ඔහු වෙත ලබාදීම තහවුරු කිරීම කෙරෙහි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාරුණික අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළ කර සිටින බව සඳහන් කරමින් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් ජනපතිට ලිපියක් යොමු කර තිබෙනවා.
මතුව ඇති චෝදනා පිළිබඳව වගකිව යුතු පාර්ශ්වයන් විසින් පළ කරනු ලබන අද්භූත නිහැඬියාව හෝ වගකීම් විරහිත ප්‍රතික්‍රියාවන් හමුවේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව, වගකීම් සහගත පුරවැසියත් මෙන්ම යම් වකවානුවක මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් වූ ඔවුන් මෙලෙස පෞද්ගලිකවම ජනපතිගේ අවධානය කැඳවීමට තීරණය කළ බවයි ඔවුන් එම ලිපියේ සඳහන් කර ඇත්තේ.
සුරේෂ් සලේ මාස තුනකට අධික කාලයක් අත්අඩංගුවේ පසුවන්නේ අධිකරණ නියෝගයකින් නොව ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පත්ත(PTA) යටතේ කරනු ලැබූ රඳවා තබා ගැනීමේ නියෝගයකට අනුව වීම, උද්ගතව ඇති සමාජ සාකච්ඡාව සෘණාත්මක අන්තයකට හරවා ලු පළමු ලක්ෂය බව ද එහි සඳහන්.
ඔහුට කෲර ලෙස සලකන බවට කිසිදු දේශපාලන පක්ෂයක් නොව කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් දෙපළක් විසින් අධිකරණ විනිසුරුවන් අබියසදී අනාවරණය කර ඇති බව අදාළ ලිපියේ දැක්වෙනවා.
එම ජනාධිපති නීතිඥවරුන්ගේ අනාවරණයට නෛතික හා විද්‍යාත්මක පදනමක් සපයමින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් ද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම ලිපිය හරහා පාස්කු දින ප්‍රහාරයට අදාළ චූදිතයන්ට එරෙහි ක්‍රියාමාර්ග අඩපණ කිරීමට තම කණ්ඩායම අදහස් නොකරන බව ඔවුන් සඳහන් කරනවා.
අහිංසක වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම කිසිසේත් ප්‍රමාද නොකළ යුතු බවත්, එය ජනාධිපතිවරයාගේ ප්රමුඛ වගකීමක් බවත්, පවසන මන්ත්‍රීවරුන් එම නෛතික ක්‍රියාමාර්ග ගෝත්‍රික දේශපාලන මාත්‍රාවෙන් තොර විශ්වසනීය ඒවා විය යුතු බවයි අවධාරණය කර ඇත්තේ.

එම ලිපිය මෙතැනින්,
Latest News
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026
අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
Local
13 June 2026