International22 April 2017

ජගත් මහලේකම්, ජනපති ට්‍රම්ප් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඊයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසුණා.

ඒ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල තානාපතිවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවට පෙරයි.

බෑන් කී මූන්ගෙන් පසු ජනවාරි මාසයේදී ජගත් මහලේකම් පදවියට පිවිසුණු අන්තෝනියෝ ගුටේරස් ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජනරාල් මැක් මස්ටර් ද මුණගැසුණා.

ජගත් මහලේකම්වරයා සහ ජනපති ට්‍රම්ප් ඇමරිකාව සහ ජගත් සංවිධානය අතර, සහයෝගීතාව සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි මහලේකම්වරයාගේ ප්‍රකාශක, ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes