General06 May 2017

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඉදිරි සතියේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය වර්ජනය කළ පක්ෂ සාමාජිකයන් සම්බන්ධව ද අවධානය යොමු වනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඔවුන් සම්බන්ධයෙන් කුමන පියවරක් ගනු ලබන්නේ ද යන්න පිළිබදව මධ්‍යම කාරක සභාවේ අවසන් එකඟතාවය මත තීරණය වන බව අමාත්‍යවරයා මීට පෙර සදහන් කර තිබුණා.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.

ශාඛා සමිති ජාලය ශක්තිමත් කිරීම මෙන්ම පක්ෂ සංවිධායකයන්ගේ දුර්වලතා පිළිබදව ද මෙහිදී අවධානය යොමු වනු ඇති.

එමෙන්ම ජාතික ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ රටේ ආර්ථික සහ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී සලකා බලනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා. 
Related recommendation
Hiru TV News | Programmes