පසුගිය 03 වන දා ගම්පොළ නගරයේදී වයස අවුරුදු දෙකයි මස 08ක් වයසැති පිරිමි දරුවෙකු සහ 26 හැවිරිදි ඥාති තරුණයෙකු අතුරුදහන් වී ඇති බවට දරුවාගේ මව විසින් ගම්පොළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණා.
තම සැමියාට දිවා ආහාරය රැගෙන ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙලෙස අතුරුදන්වී ඇති බවටයි ඇය පැමිණිල්ල කර තිබුනේ.
පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
මේ අතර දරුවාගේ පියාට පසුගිය 04 වනදා දරුවා සමග පැහැරගැනුනු 26 හැවිරිදි තරුණයාගේ දුරකථනයෙන්, දුරකථන ඇමතුමක් ලැබෙන්නේ දරුවා නිදහස් කිරීමට ලක්ෂ 30ක කප්පම් මුදලක් ලබා දෙන ලෙස දන්වමින්.
කෙසේ වෙතත් දරුවාගේ පියා විසින් අදාල ලක්ෂ 30ක කප්පම් මුදල ලක්ෂ 10 දක්වා අඩු කරගෙන ඇති බවටයි වාර්තා වුණේ.
දරුවා පැහැරගෙන ඇත්තේ දරුවා සමග අතුරුදන් වූ තරුණයා බව පොලිසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිසිය ඊයේ ප්‍රකාශ කළා.
අදාල තරුණයා යම් මානසික අබාධයකින් පෙළෙන බවට එහිදී අනාවරණය කරගෙන තිබෙනවා.
මේ අතර පොලිසිය අද (06) නිවේදනය කලේ කප්පම් කරුවන් විසින් අදාල 26 හැවිරිදි තරුණයා මුදා හැර ඇති බවයි.
ඒ අනුව අදාළ තරුණයාගෙන් ලද තොරතුරු මත කුඩා දරුවා සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් පරීක්ෂණ ආරම්භ කළ බවට පොලිසිය සදහන් කළා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය අද පෙරවරුවේ සඳහන් කළේ කුඩා දරුවා සොයා ගැනීම සඳහා මහජනතාවගේ සහය අපේක්ෂා කරන බවයි.
ඒ අනුව තොරතුරු දැනුම් දීම සදහා දුරකථන අංක කිහිපයක්ද පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
පොලිසිය අද පස්වරුවේ නිවේදනය කළේ පැහැර ගැනීමට ලක්වූ අවුරුදු දෙකයි මස 08ක් වයස දරුවා මඩකලපුව - කරදියනාරු ප්‍රදේශයෙන් සොයා ගත් බවයි.
එහිදී පොලිසිය සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ දරුවා පැහැර ගැනීම, දරුවා සමග අතුරුදන් වූ බවට පැවසූ තරුණයා විසින් මෙහෙයවා ඇති බවටයි.
පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට ඔහු සමග මඩකලපුව - කරදියනාරු ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද පොලිසිය සදහන් කළා.

Latest News
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026
මැදවච්චියේ සැලූන් හිමිකරුවකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
18 June 2026